විහාරාධිකාරී පූජ්‍යකැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපාණෝ

viharadhikaaree 094

ගෞරව ශාස්ත්‍ර වේදී කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේ.

කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේ අති පූජ්‍ය හීනටියන ධම්මාලෝක මහා නායක මා හිමිපානණ් වහන්සේගේ සහ අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස මහා නායක මා හිමිපානණ් වහන්සේගේ භාරකාරීත්වය යටතේ 1980 ජනවාරි 24 වෙනි දින පැවදි දිවියට ඇතුළත් වූ අතර කැළණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර වේදී ගෞරව උපාධිය ලබා ගැනීමට සමත් විය.

කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේ පළමුව, අවුරුදු දෙසීයයක් පමණ කාළයක සිට භික්ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කරණ ස්ථානයක් වූ හීනටියන පොත් ගුල් විහාරස්ථානයේ වැඩ වාසය කළ සේක. උන්වහන්සේ 1990 සිට බුදු දහම සහ භාවනා උගන්වමින් තම සේවය සමාජය වෙත ලබා දෙයි.

2009 වර්ෂයේ සිට ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාහාරාධිකාරී පදවියට පත් උන්වහන්සේ මේ දක්වා එම ස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ජාතික, ශාසනික හා ආගමික මෙහෙවරක් සිදු කර ගෙන යනු ලබයි.