2013 ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම
සැමට ආරාධනා!
ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2013 ඔක්තෝබර් 18, 19 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
විහාරාධිපති අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේ හා විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය හා 2013 වර්ෂයේ කඨින පින්කමේ දායකත්වය උසුලන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මැතිතුමා විසින් පින්කමේ කටයුතු සංවිධානය කොට ඇත.
දෙදින වැඩ සටහන
2013.10. 18 වෙනි දින
- උදෑසන 6:30 ට – කිරි ආහාර පූජාව හා කප්රුක් පූජාව
- උදෑසන 8:00 ට – සර්වඥ ධාතු වන්දනාව හා බුද්ධ පූජාව
- සවස 5:30 ට – ආශීර්වාද බෝධි පූජාව
- සවස 6:30 සිට රාත්‍රී 12 දක්වා පිරිත් දේශනාව
2013. 10. 19 වෙනි දින
- උදෑසන 5:00 ට – කඨින චීවරය රැගත් රිය පෙරහැර අංක 18 A, ආතර් පෙදෙස, දෙහිවල පදිංචි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මැතිතුමා ගේ නිවසින් ගමන් ආරම්භ කිරීම.
- උදෑසන 5:30 ට – කිරුළපන බෝධීන් වහන්සේ අසල පිහිටි, විමල් කරුණාරත්න මහතිගේ නිවස අසල සිට එච් ශ්‍රී නිශ්ශංක මාවතෙන් ශ්‍රී යමුනා සදහම් ආරාමයට වැඩම කිරීම.
- උදෑසන 7:00 ට – කඨින චීවරය, පරිවාර චීවර, කල්ප වෘක්ෂය, දානය ඇතුළු ගරු භාණ්ඩ සාංඝික කොට පූජා කිරීම.
- රාත්‍රී 6:30 ට – බෝධි පූජාව.
- රාත්‍රී 7:00 – 8:00 දක්වා කඨිනානිශංස ධර්ම දේශනාව.
වර්ෂයකට වතාවක් පැවැත්වෙන අට මහා පින්කම්වලින් ප්‍රධාන පින්කම වන කඨින මහා පින්කමට ඔබත් සහභාගී වී දෙලොව යහපතත්, අවසානයේ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න.
තෙරුවන් සරණයි!
විමසීම් 011 – 5050294
විහාර කාර්ය සාධක සමිතිය
ශ්‍රී යමුනා සදහම් ආරාමය
නො. 99
එච්. ශ්‍රී නිශ්ශංක මාවත
කොළඹ 6