ආරාධනා!
වැල්ලවත්ත ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015
පින්වත් මැතිතුමනි, මැතිණියනි,
ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015 ඔක්තෝබර් මස 27, 28 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
විහාරාධිපති අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේ හා විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය හා 2015 වර්ෂයේ කඨින පින්කමේ දායකත්වය උසුලන පින්වත් සීතා ගුණවර්ධන මැතිණිය විසින් පින්කමේ කටයුතු සංවිධානය කොට ඇත.
දෙදින වැඩ සටහන
2015.10. 27 වෙනි දින
- රාත්‍රී 6:00 ට – කප්රුක් පූජාව
- රාත්‍රී 6:15 ට – තෙසැත්තෑ ඥාණ පූජාව
- රාත්‍රී 7:45 ට – රාත්‍රී ආහාර ලබා දීම
- රාත්‍රී 8:45 සිට රාත්‍රී 12 දක්වා පිරිත්‍රාණ ධර්ම දේශනාව
2014. 10. 28 වෙනි දින
- උදෑසන 5:00 ට – කඨින චීවරය රැගත් රිය පෙරහැර නුගේගොඩ නාලන්දාරාම පාරේ පදිංචි සීතා ගුණවර්ධන මැතිණියගේ නිවසින් ගමන් ආරම්භ කිරීම.
- උදෑසන 5:30 ට – කිරුළපන බෝධීන් වහන්සේ අසල පිහිටි, නිමල් කරුණාරත්න මහතාගේ නිවස අසල සිට එච් ශ්‍රී නිශ්ශංක මාවතෙන් ශ්‍රී යමුනා සදහම් ආරාමයට වැඩම කිරීම.
- උදෑසන 6:30 ට – කිරි ආහාර සහිත බුද්ධ පූජාව.
- උදෑසන 7:00 ට – කඨින චීවරය, පරිවාර චීවර, කල්ප වෘක්ෂය, දානය 20 නමකට අධික මහා සංඝ රත්නය උදෙසා පූජා කිරීම.
- උදෑසන 7:45 ට – උදෑසන ආහාර ලබා දීම.
- උදෑසන 8:00 ට -කඨිනානිශංස ධර්ම දේශනාව.
- උදෑසන 9:00 ට -වැඩසටහන් නිමාව.
වර්ෂයකට වතාවක් පැවැත්වෙන අට මහා පින්කම්වලින් ප්‍රධාන පින්කම වන කඨින මහා පින්කමට ඔබත් සහභාගී වී දෙලොව යහපතත්, අවසානයේ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න.
කඨින පිංනමට සම්බන්ධ වීමට කැමති පින්වත් ඔබට පහත සඳහන් පූජා භාණ්ඩ හා ගරු භාණ්ඩ භාර ගත හැකි බව කරුණාවෙන් සිහිපත් කරමි. කඨින පිංකම සඳහා එක් ස්වාමීන් වහන්සේ නමකට පහත සඳහන් පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වේ.
අට පිරිකර රු: 3,500/-
ගරු භාණ්ඩ රු: 4,500/-
මුදල් පිරිකර රු: 2,000/-
එක් ස්වාමීන් වහන්සේ නමකට පිරිකර සඳහා රු. 10,000/- ක් වැය වේ. ඔබ කැමති අයුරින් මේ සඳහා දායක විය හැකිය. විහාරස්ථානයේ එදිනෙදා පරිහරණය සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමට කැමති පිංවතුන් T’P 011 5050294 අංකය විමසන්න.
තෙරුවන් සරණයි!