2014 ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම
සැමට ආරාධනා!
පින්වත් මැතිතුමනි, මැතිණියනි,
ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2014 ඔක්තෝබර් මස 08, 09 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
විහාරාධිපති අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේ හා විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය හා 2014 වර්ෂයේ කඨින පින්කමේ දායකත්වය උසුලන ව්‍යාපාරික සමන් ගුණරත්ණ මැතිතුමා විසින් පින්කමේ කටයුතු සංවිධානය කොට ඇත.
දෙදින වැඩ සටහන
2014.10. 08 වෙනි දින
- රාත්‍රී 7:00 ට – කප්රුක් පූජාව
- රාත්‍රී 7:15 ට – ආශීර්වාද බෝධි පූජාව
- රාත්‍රී 7:45 ට – ආහාර ලබා දීම
- රාත්‍රී 8:45 සිට රාත්‍රී 12 දක්වා පිරිත්‍රාණ ධර්ම දේශනාව
2014. 10. 09 වෙනි දින
- උදෑසන 5:00 ට – කඨින චීවරය රැගත් රිය පෙරහැර අංක 47 A, තුන්වන මාවත සිද්ධමුල්ල පදිංචි ව්‍යාපාරික සමන් ගුණරත්ණ මැතිතුමා ගේ නිවසින් ගමන් ආරම්භ කිරීම.
- උදෑසන 5:30 ට – කිරුළපන බෝධීන් වහන්සේ අසල පිහිටි, විමල් කරුණාරත්න මහතිගේ නිවස අසල සිට එච් ශ්‍රී නිශ්ශංක මාවතෙන් ශ්‍රී යමුනා සදහම් ආරාමයට වැඩම කිරීම.
- උදෑසන 6:30 ට – කිරි ආහාර පූජාව.
- උදෑසන 7:00 ට – කඨින චීවරය, පරිවාර චීවර, කල්ප වෘක්ෂය, දානය 30 නමකට අධික මහා සංඝ රත්නය උදෙසා පූජා කිරීම.
- උදෑසන 7:45 ට – උදෑසන ආහාර ලබා දීම.
- උදෑසන 8:00 ට -කඨිනානිශංස ධර්ම දේශනාව.
- උදෑසන 9:00 ට -වැඩසටහන් නිමාව.
වර්ෂයකට වතාවක් පැවැත්වෙන අට මහා පින්කම්වලින් ප්‍රධාන පින්කම වන කඨින මහා පින්කමට ඔබත් සහභාගී වී දෙලොව යහපතත්, අවසානයේ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න.
තෙරුවන් සරණයි!