විහාරාධිපති අති පූජ්‍ය හීනටියන නන්ද තිස්ස හිමිපාණෝ

Viharadhipathi

ගෞරව ශාස්ත්‍ර වේදී අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස මහා නායක මා හිමිපානණ් වහන්සේ

අමරපුර මහා නිකායේ අඹ ගහ පිටි පාර්ශවයේ මහා නායක, හීනටියන පොත්ගුල් විහාරාධිපති, වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති සහ වැල්ලවත්ත යමුනා සදහම් ආරාමාධිපති අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස මහා නායක මා හිමිපානණ් වහන්සේ උපත ලැබුවේ වර්ෂ 1942 මාර්තු 3න් වන දින දීය.

හීනටියන නන්දතිස්ස මහා නායක මා හිමිපානණ් වහන්සේ 1950 වෙසක් පුර පසළොස්වක් පොහෝ දින, අති පූජ්‍ය හීනටියන ධම්මාලෝක මහා නායක මා හිමිපානණ් වහන්සේගේ භාරකාරීත්වය යටතේ පැවිදි දිවියට ඇතුළත් විය.

උන්වහන්සේට ආවේණික අප්‍රමාදීව අධ්‍යයන කටයුතුවල යෙදීමේ හැකියාවක් පැවතුන අතර, පසුව ගුරුවරයෙක්, වියත් විශාරදයෙක්, දක්ෂ බෞද්ධ ධර්ම දේශකයෙක්, ශ්‍රද්ධාවන්ත බෞද්ධ භික්ෂුවක් හා ධර්මය හා විනය පිළිබඳ වියක්ත විශාරදයෙක් ලෙස කටයුතු කළේය. උන්වහන්සේ තවමත් තම සේවය ආගම, රට සහ සමාජය වෙනුවෙන් සිදු කරගෙන යනු ලබයි.

බුදුන් වහන්සේ සිය පළමු ශ්‍රාවකයන් පස් දෙනා අමතා, “චරථ භික්ඛවේ චාරිකං, බහු ජන හිතාය, බහු ජන සුඛාය ” ආදී වශයෙන් දේශනා කළ පරිදි, මහා නායක මා හිමිපාණන් වහන්සේ අති පූජ්‍ය හීනටියන ධම්මාලෝක මහා නායක මා හිමිපානණ් වහන්සේගේ ආචාරයත්වය යටතේ කළු ගඟ, උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබ තම සේවය මිනිස් ප්‍රජාව වෙත ලබා දීම ආරම්භ කළේය.

අප මා හමිපාණන් වහන්සේ කැළණි විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ සංස්කෘතිය විෂය සඳහා ගෞරව උපාධිය ලැබ එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්ය වරයෙකු ලෙස කළක් කටයුතු කළ සේක.

1970 පොත් ගුල් විහාරස්ථානයේ ආරම්භ කරන ලද ශ්‍රී ලක්ෂ්මී පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භකයා වශයෙන් පසුගිය දශක පහක පමණ කාලයක් අපමණ සේවයක් කරමින් හිනටියන පොත්ගුල් විහාරස්ථානයේ හා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සාමාජික හා ආගමික කටයුතු වල නිරත කොට තිබේ.

සමස්ථ ලෝකයටම වස්තුවක් බඳු වූ අප මහා නායක මා හමිපාණන් වහන්සේ චිරාත් කාළයක් යෙහෙන් වැජඹෙන්නට තෙරුවන් සරණේ ආශීර්වාදය ලැබේ වා!

සුඛී දීඝායු ඛො භව!