වාර්ෂික කඨින මහා පින්කම 2019

ආරාධනා!

වැල්ලවත්ත ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2019

පින්වත් මැතිතුමනි, මැතිණියනි,

ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2019 ඔක්තෝබර් මස 13, 14 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

අමරපුර අඹගහපිටි පාර්ශවයේ මහානායක මහෝපාධ්‍යාය අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේගේ හා විහාරාධිපති පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය හා 2019 වර්ෂයේ කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය උසුලන රවී සහ ජිනා රාජපතිරණ යුවල, දූ දරුවන් ප්‍රධාන පවුලේ සැම විසින් පින්කමේ කටයුතු සංවිධානය කොට ඇත.

2019.10. 13 වෙනි දින (වප් පුර පසළොස්වක දින)

  • රාත්‍රී 6:00  – කප්රුක් පූජාව
  • රාත්‍රී 6:15 – ආශීර්වාද සම්බුද්ධ පූජාව හා බෝධි පූජා පිංකම
  • රාත්‍රී 7:45  – රාත්‍රී ආහාර ලබා දීම
  • රාත්‍රී 8:45 සිට රාත්‍රී 12 දක්වා පිරිත්‍රාණ ධර්ම දේශනාව

 2019. 10. 14 වෙනි දින

  • උදෑසන 5:00 ට – කඨින චීවරය වැඩම කිරීම.

2019 වර්ෂයේ කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරණ රවී රාජපතිරණ මහතා ඇතුළු පවුලේ සැම සහ අප විහාර කාර්ය සාධක සමිතියේ දායක දායිකාවන් පිරිස උදෑසන 5:00 ට දෙහිවල අංක 18, අතපත්තු මාවතෙහි පිහිටි එම මහතාගේ නිවසින් ගමන් ආරම්භ කර, අළුයම 5.30ට පාමංකඩ හන්දිය බෝ මළුව සිට, ශ්‍රී නිශ්ශංක  මාවත ඔස්සේ ශ්‍රී යමුනා සදහම් ආරාමය වෙත කඨින චීවරය වැඩම කිරීම.

  • උදෑසන 6:30  – කිරි ආහාර සහිත බුද්ධ පූජාව.
  • උදෑසන 7:00 – කඨින චීවරය, පරිවාර චීවර, කල්ප වෘක්ෂය, දානය 30 නමකට අධික මහා සංඝ රත්නය උදෙසා පූජා කිරීම.
  • උදෑසන 7:45 – උදෑසන ආහාර ලබා දීම.
  • උදෑසන 8:00  -කඨිනානිශංස ධර්ම දේශනාව.
  • උදෑසන 9:00  -වැඩසටහන් නිමාව.

 

කඨින පිංකමට සම්බන්ධ වීමට කැමති පින්වත් ඔබට පහත සඳහන් පූජා භාණ්ඩ හා ගරු භාණ්ඩ භාර ගත හැකි බව කරුණාවෙන් සිහිපත් කරමි. කඨින පිංකම සඳහා එක් ස්වාමීන් වහන්සේ නමකට පහත සඳහන් පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වේ.

අට පිරිකර රු: 4,500/-

ගරු භාණ්ඩ රු: 7,000/-

මුදල් පිරිකර රු: 3,500/-

එක් ස්වාමීන් වහන්සේ නමකට අට පිරිකර, මුදල් පිරිකර, ගරු භාණ්ඩ භාර ගෙන. ඔබ කැමති අයුරින් මේ සඳහා දායක විය හැකිය.

විහාරස්ථානයේ එදිනෙදා පරිහරණය සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමට කැමති පිංවතුන්  T’P 011 5050294 අංකය විමසන්න.

වර්ෂයකට වතාවක් පැවැත්වෙන අට මහා පින්කම්වලින් ප්‍රධාන පින්කම වන කඨින මහා පින්කමට ඔබත් සහභාගී වී දෙලොව යහපතත්, අවසානයේ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න.

තෙරුවන් සරණයි!

විහාරාධිපති හිමි,
විහාර කාර්ය සාධක සමිතිය
ශ්‍රී යමුනා සදහම් ආරාමය
නො. 99, එච්. ශ්‍රී නිශ්ශංක මාවත
කොළඹ 6
විමසීම් 011 – 5050294

අප විහාරස්ථානයේ මාසික වැඩ සටහන් සඳහා http://sriyamunasadahamaramaya.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න