වාර්ෂික කඨින මහා පින්කම 2018

ආරාධනා!

වැල්ලවත්ත ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2018 

පින්වත් මැතිතුමනි, මැතිණියනි,

ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2018 ඔක්තෝබර් මස 24, 25 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

අමරපුර අඹගහපිටි පාර්ශවයේ මහානායක මහෝපාධ්‍යාය අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේගේ හා විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය හා 2018 වර්ෂයේ කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය උසුලන පින්වත් ,කල්ශා අමරසිංහ මැතිණිය,ඉෂාර  නානායක්කාර මැතිතුමන්,LOLC ආයතන ප්‍රධාන පවුලේ සැම විසින් පින්කමේ කටයුතු සංවිධානය කොට ඇත.

දෙදින වැඩ සටහන

2018.10. 24 වෙනි දින

  • රාත්‍රී 6:00 ට – කප්රුක් පූජාව
  • රාත්‍රී 6:15 ට – ආශීර්වාද සම්බුද්ධ පූජාව හා බෝධි පූජා පිංකම
  • රාත්‍රී 7:45 ට – රාත්‍රී ආහාර ලබා දීම
  • රාත්‍රී 8:45 සිට රාත්‍රී 12 දක්වා පිරිත්‍රාණ ධර්ම දේශනාව

2018. 10. 25 වෙනි දින

  • උදෑසන 5:00 ට – කඨින චීවරය වැඩම කිරීම. හැව්ලොක් සිටි, ඩේව්ඩ්සන් ටවර්, 22 වන මහලෙහි පදිංච්  ඉන්ද්‍රා නානායක්කාර මැතිණියගේ නිවසින් ගමන් ආරම්භ කොට පාමංකඩ හන්දිය, සාම වැහාරය පසුකොය, ශ්‍රී නිශ්ශංක  මාවත ඔස්සේ ශ්‍රී යමුනා සදහම් ආරාමයට වැඩම කිරීම.
  • උදෑසන 6:30 ට – කිරි ආහාර සහිත බුද්ධ පූජාව.
  • උදෑසන 7:00 ට – කඨින චීවරය, පරිවාර චීවර, කල්ප වෘක්ෂය, දානය 30 නමකට අධික මහා සංඝ රත්නය උදෙසා පූජා කිරීම.
  • උදෑසන 7:45 ට – උදෑසන ආහාර ලබා දීම.
  • උදෑසන 8:00 ට -කඨිනානිශංස ධර්ම දේශනාව.
  • උදෑසන 9:00 ට -වැඩසටහන් නිමාව.

වර්ෂයකට වතාවක් පැවැත්වෙන අට මහා පින්කම්වලින් ප්‍රධාන පින්කම වන කඨින මහා පින්කමට ඔබත් සහභාගී වී දෙලොව යහපතත්, අවසානයේ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න.

කඨින පිංනමට සම්බන්ධ වීමට කැමති පින්වත් ඔබට පහත සඳහන් පූජා භාණ්ඩ හා ගරු භාණ්ඩ භාර ගත හැකි බව කරුණාවෙන් සිහිපත් කරමි. කඨින පිංකම සඳහා එක් ස්වාමීන් වහන්සේ නමකට පහත සඳහන් පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වේ.

අට පිරිකර රු: 4,000/-

මුදල් පිරිකර රු: 3,000/-

එක් ස්වාමීන් වහන්සේ නමකට අට පිරිකර මුදල් පිරිකර භාර ගෙන. ඔබ කැමති අයුරින් මේ සඳහා දායක විය හැකිය.

විහාරස්ථානයේ එදිනෙදා පරිහරණය සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමට කැමති පිංවතුන් T’P 011 5050294 අංකය විමසන්න.

තෙරුවන් සරණයි!

විහාරාධිකාරී හිමිපානණ් වහන්සේ
විහාර කාර්ය සාධක සමිතිය
ශ්‍රී යමුනා සදහම් ආරාමය
නො. 99
එච්. ශ්‍රී නිශ්ශංක මාවත
කොළඹ 6
විමසීම් 011 – 5050294